ජනාධිපති මන්දිරයේ Wi-Fi භාවිතා කළ අය පොලීසිය සොයයි.!

මෙරට ජනාධිපති මන්දිරයේ ඇති Wi-Fi භාවිත කරමින් සැකසහිත ලෙස ඉන්ටර්නෙට් ඔස්සේ දුරකතන ඇමතුම් ලබාගත් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.පුද්ගලයන් මෙලෙස ඉන්ටර්නෙට් භාවිත කරමින් ඇමැතුම් ලබාගෙන ඇත්තේ අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව බව පොලිසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට එම දුරකතන දත්ත වාර්තා අධ්‍යයනය කරමින් සිටින අතර මීට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඊට අලාභ හානි කළ පුද්ගලයන් 100කට අධික පිරිසක ඇඟිලි සටහන් මේ වන විට හඳුනා ගෙන ඇති අතර අපරාධ වාර්තා කොට්ඨාසය එම ඇඟිලි සලකුණු සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරයි.

ජනාධිපති මන්දිරයේ ඇඟිලි සටහන්වලට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් විදේශගත වීමට ගන්නා උත්සාහයන් වැළැක්වීම සඳහා එම තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට ද පොලිසිය පියවර ගනී.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close