මේ මුළු රටම එකතු කරගෙන ලබන 09 වෙනිදා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියලා අරගලයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී අද සදහන් කළේය.
මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මෙසේ පැවසුවේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.වෙනත් අරමුණු වෙනුවෙන් නොබෙදී එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙස අරගලයේ නිරත දරුවන්ට දැනුම්දෙන බවද මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කළේය.
රටේ වර්තමාන පාලකයන් අරගලකරුවන් තුවක්කු බලයෙන් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම ආකාරයකට මැදිහත් නොවන ලෙස පොලිසිය සහ හමුදාවේ සාමාජිකයන් ගෙන් ඉල්ලීමක් කරන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කළේය.
රටේ දූෂිත පාලකයන් සඳහා මුදල් එවීමෙන් වළකින ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද සදහන් කළේය. සරත් ෆොන්සේකා අරගල කරුවන්ට තමා සැමවිටම ආශිර්වාද කරන බවද සදහන් කළේය.
යම් ස්ථානවල යම් යම් වටිනා දේවල් විනාශ වී ඇති බවට සමහරුන් ප්‍රකාශ කරන බවත් අරගලකරුවන් කැප වී සිටින්නේ ඒ විනාශ වූ දේට වඩා වැඩි දෙයක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ලබාදීමේ උතුම් අරමුණින් යුතුව යැයි අප කවුරුත් සිහි තබා ගත යුතු බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කළේය.
ලංකාදීප