මෙරට රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරයි.
රටේ පොදු ප්‍රවාහනය යථා තත්ත්වයට පත්විම මෙන්ම QR ක්‍රමය යටතේ ඉන්ධන ලබාදීම සමග ප්‍රවාහනය යථා තත්ත්වයට පත්ව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේය.
එනිසා රජයේ නිලධාරීන්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම අවලංගු කර ඇත.ලබන සිකුරාදා දිනයේ සිට සිකුරාදා දිනය සාමාන්‍ය වැඩ කරන දිනයක් බවට පත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේය.