මෙරට සංශෝධනය වූ දුම්රිය ගාස්තු ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි.අවම දුම්රිය ගාස්තුව රුපියල් 10 සිට 20 දක්වා ඉහළ යයි.
මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළේ, පවතින බස් ගාස්තුවෙන් අඩක් වන සේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩිකර ඇති බවය.
එහෙත් නිසි ක්‍රමවේදයකින් තොරව දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අද දිනයේ පැවැති මිලටම දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සොමරත්න සදහන් කළේය.