තෙල් පෝලිමෙන් පැන මන්නය රැගෙන පොලීසියට කොටන්න පනී.!

මෙරට කුරුණෑගල ගෝනගම ඉන්ධන පිරවුම්හලට පෝලිමෙන් පැන ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමේදී එය වැළැක්වු බව කියන පොලිස් නිලධාරීන් තියණු ආයුදයකින් පහර දීමට ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළේය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු අසල තිබූ මාළු වෙළඳසලකට ගොස් එහි මන්නය රැගෙන පොලිස් නිලධාරින්ට පහර දීමට තැත් කර ඇත. මන්න පහර වැළැක්වීම සඳහා එක් නිලධාරියකු අත් විලංගු වෙන් පහරදීම නිසා සැකකරු තුවාල ලබයි.

පසුව පොලිස් නිලධාරීන් විසින් සැකකරු මෙල්ල කර ඔහු රෝහල් ගත කර ඇත. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, කලහාකාරි ලෙස හැසිරීම ,පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කිරීම,ආදී කරුණු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළේය.

මෙම සැකකරු නිකදළුපොත ප්‍රදේශයේ පදිංචි (40)හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය සදහන් කළේය.

ලංකාදීප

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close