රාජ්‍ය සේවකයින් සේවයට කැදවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

මෙරට රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛය වලංගු කාලය තවත් මසකින් දීර්ඝ කරයි.

මෙරට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ අවධාරණය කළේ,

සේවයට වාර්තා කිරිමේදී රජයේ නිලධාරීන් විසින් මුහුණ දෙනු ලබන අපහසුතා සැලකිල්ලට ගෙන ඒ සඳහා සහන සැලසීමට නිකුත් කරනු ලබන චක්‍රලේඛ වැරදි ලෙස උපයෝගි කර ගනිමින් සේවයට වාර්තා කළ හැකි නිලධාරීන් ද සේවයට වාර්තා නොකරන තත්ත්වයක් උද්ගත නොවීමට වග බලා ගත යුතු බවයි.

පවතින ඉන්ධන හිගය මග හැරවීම සඳහා ඉන්ධන බෙදීම යථාවත් කෙරෙමින් පවතින අතර ඒ අනුව ඉදිරි දිනවලදී පොදු ප්‍රවාහන සේවා ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බව නිකුත් කළ අදාළ චක්‍රලේඛයේ සදහන් වේ.

එම කරුණු සැලකිල්ලට ගෙන මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉටු කළ නොහැකි රාජකාරී සඳහා හා අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වා ගෙන යාමට අවශ්‍ය කාර්ය මණ්ඩලය කැඳවීමට චක්‍රලේඛ විධි විධාන බාධාවක් නොවන බවයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close