මෙරට QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන නිකුත් කළ හැකි වාහන සංඛ්‍යාව පමණක් පෝලිම් තුළ රඳවා සෙසු වාහන පෝලිමෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානයේ ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙයි.
එම රඳවා ගනු ලබන අවසන් වාහනය අසලින් ගමන් බාධකයක් යොදවා එම වාහන පෝලිමට වෙනත් වාහන එකතු වීම වැළක්වීමට කටයුතු කළ යුතුව ඇත. බාධකයේ පැහැදිලිව පෙනෙන පුවරුවක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලෙසත් ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇත.
මාර්ග බාධකය දැමීමෙන් පසු කුමන හේතුවක් නිසා කිසිදු වාහනයක් එම පෝලිමට ඇතුළු කිරීම හා තවදුරටත් එම පෝලිම අසල කිසිවකුටත් රැඳී සිටීම වැළැක්වීමටද පියවර ගත යුතු බවට හෙතෙම සියලුම පොලිස් ස්ථනාධිපතිවරුන්ට නියෝග නිකුත් කරයි.
ඉන්ධන පිරවුම්හල් වෙත දිනකට ලැබෙන ඉන්ධන ප්‍රමාණය අනුව එම ඉන්ධන එක් එක් වාහන කාණ්ඩය යටතේ කොපමණ වාහන සංඛ්‍යාවකට නිකුත් කළ හැකිද යන්න ගණනය කොට එලෙස ඉන්ධන නිකුත් කළ හැකි වාහන සංඛ්‍යාව පමණක් ඉන්ධන පිරවුම් හල් වෙත රඳවා සෙසු වාහන ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද දන්වා ඇත.
දිනකට ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කළ හැකි ඉන්ධන ප්‍රමාණය සහ වාහන ප්‍රමාණය පිළිබඳව පරිභෝගිකයන් දැනුවත් කරන ලෙසත් අදාළ වාහනයේ අවසන් අංකය සඳහා ලබාදී ඇති ඊළඟ දිනය පිළිබඳවත් ඔවුන්ට දැන්වීමකින් හෝ වාචිකව පවසන ලෙසද පොලිසිය උපදෙස් ලබාදී ඇත.
අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා පිරවුම්හලේ රාජකාරි සඳහා යොදවා ඇති නිලධාරීන් විසින් එම පිරවුම්හල වෙත පැමිණෙන වාහන අහඹු ලෙස පරීක්‍ෂා කළ යුතු බවත් ව්‍යාජ අංක තහඩු භාවිත කරමින් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ දරන පුද්ගලයන් එමඟින් අනාවරණය කර අවශ්‍ය නෛතික පියවර නොපමාව ගත යුතු බවටද ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවලට නියෝග කරයි.