මෙරට නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමත් සමඟ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් තිහකකට ආසන්න පිරිසක් පිල් මාරු කිරීමට සූදානමක සිටින බව වාර්තා වේ.
මෙරට විපක්ෂයේ සිටින පිරිසක් ආණ්ඩුවට සහයෝගය දීමටත් ආණ්ඩුව නියෝජනය කරන පිරිසක් විපක්ෂයට එක් වීමටත් නියමිත බව වාර්තා වේ.
පොදුජන පෙරමුණේ කණ්ඩායමක් නිල වශයෙන් විපක්ෂයට එක්වීමට නියමිතව ඇති අතර නව පාර්ලිමේන්තු සැසියේදී ඔවුන් ඒ බව ප්‍රකාශ කරමින් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.