පාසලේ මත්පැන් බී පන්ති කාමරයක් ගිනි තියයි.

මෙරට හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් සෙන් ජොන් ටිලර් දමිල මහා විද්‍යාලයේ පන්ති කාමරයකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරිමට විරෝධය පාමින් (06) දින එම පාසලේ ගුරුවරුන් ඉගැන්විම් කටයුතු වලින් ඉවත් විමට පියවර ගනී.

පසුගිය පාසල් නිවාඩු සමයේ ඉකුත් (26) දින රාත්‍රියේ එම පාසලේ 11 වසරේ පන්ති කාමරයකට ඇතුල් වි ඇති කිසියම් පිරිසක් එහි තුල මත්පැන් පානය කර පන්ති කාමරයේ තිබු බිත්තිය සවි කර තිබු අල්මාරියක් ගිනිතබා විනාශ කර ඇති බවයි එම විදුහලේ ගුරුවරුන් සදහන් කරයි.

අල්මාරිය තුල තිබු ළමුන්ගේ පෞද්ගලික වාර්තා කිහිපයක් විනාශ වි ඇති බවත්, තවද පාසලේ විදුරු ජනේල කිහිපයක්ද කඩා විනාශ කර ඇති බව එම විදුහලේ අචාර්ය මණ්ඩලය සදහන් කරයි.

පොලිසියේ ස්ථානාධිපතිවරයා සිද්ධිය සැල වු වහාම විදුහලට පැමිණ විදුහල්පතිවරයා සහ අචාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කිරිමෙන් පසු එම පාසලේ විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කිරිමට පියවර ගනී.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close