මෙරට විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද (22) දිනයේ ද පැය 03ක විදුලි කප්පාදුව සිදුකිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේය.
A සිට W’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදුව සිදුකිරීමට නියමිතව ඇත.
මෙරට කොළඹ නගර ද අයත් CC කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද,විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව ඇත.
M,N,O,X,Y සහ Z යන කළාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් ද, විදුලි කප්පාදු කිරීමට නියමිතව ඇත.