පොලිස් අත්අඩංගුවේ සිටි 24 දෙනෙක් මිය යයි.!

අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා කියා සිටියේ, පසුගිය 2023 වසර තුල පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බවත් මේ 2024 වසරේ මේ දක්වා එවැනි පුද්ගල මරණ 07ක් වාර්තා වී ඇති බවත්ය.

පසුගිය 2023 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත එවැනි සිදුවීම් සම්බන්ධව පැමිණිලි 10,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබුණු බවත් මෙම වසරේ යුක්තියේ මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 44 ක් ලැබී ඇති බවද කොමසාරිස්වරයා තවදුරටත් සදහන් කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close