මෙරට අටළුගම ෆාතිමා අයිෂා දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ සැකකරු මින් පෙර අවස්ථාවකදී ද එම ප්රදේශයේ කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කර ඇති බවට අද (01) අනාවරණය වුයේය.
එම අදාළ කාන්තාව සිටි නිවසට රහසිගතව ඇතුළුවී ඇති එම සැකකරු එහිදී ඇයට අතවර කිරීමට උත්සාහ ගෙන ඇත.
“මම පෙරපාසල් ගුරුවරියක් ලෙස කටයුතු කළා. මම දරුවන් දෙදෙනා සමග ගෙදර නිදාගෙන සිටියදී මගේ කට තදකරා. ඒත් එක්කම මට ඇහැරුණා. මාව කඹයකින් ගැටගහන්න හැදුවා. මම කෑගැහුවා. ඒත් එක්කම ඔහු පැනලා ගියා.”
පසුව පොලීසියට පැමිණිලි කළ ද ඔවුන් ඒ සඳහා නිසි ක්රියාමාර්ග නොගත් බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව සදහන් කරයි.පොලීසිය නිසි පියවර ගෙන තිබුණා නම් ෆාතිමා දැරිය ට මෙවැනි ඉරණමක් අත්නොවන බවද එම කාන්තාව සදහන් කරයි.