අවසන් තෙල් නැව එනවා.යලි එන්න නැවක් නෑ.තෙල් ලැබෙන ක්‍රමයක් නොදනී.

අසල්වැසි ඉන්දියාණු ණය ආධාර මත ලැබෙන අවසන් ඉන්ධන නැව මේ මස 16 වැනි දා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත.

මෙම නැවෙන් පසුව ඉන්ධන ලබා ගන්නා ක්‍රමවේදය ගැන ගැටළුකාරී තත්වයක් මතුව ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග වාර්තා කරයි.

අසල්වැසි ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක ඉන්ධන ආධාරයක් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් වාර්තා වේ.

මෙරට තෙල් සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම දැඩි ලෙස සීමා කර ඇති අතර ඒ හේතුවෙන් දීර්ඝ ඉන්ධන පෝලිම් රට පුරා දක්නට ඇත.

දින 20කට පෙර පැමිණි දැවි තෙල් නෞකාවකට ගෙවීමට මුදල් නැතිව තව දුරටත් වරාය ආසන්නයේ රදවා සිටියි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close