මෙරට ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR කේත සකස් කිරීමට ඇතැම් කොමියුනිකේෂන් ආයතන විසින් විශාල මුදලක් ලබා ගනිමින් සිටින බව වාර්තා වේ.ඇතැම් කොමියුනිකේෂන් ආයතන විසින් එම කාර්යය සඳහා රුපියල් 200-250ක් දක්වා මුදල් ලබා ගනිමින් ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවල මේ සඳහා දිගු පෝලිම් ද දක්නට ඇත.මේ සම්බන්ධයෙන් කොමියුනිකේෂන් හිමිකරුවන් කියා සිටින්නේ කඩදාසි, මුද්‍රණ තීන්ත ඇතුළු අමු ද්‍රව්‍ය මිල ඉහළ යාම හා සේවක වැටුප් මත මෙවන් මුදලක් අය කිරීමට සිදුවන බවය.