තවත් දින 08කින් ගල් අගුරු ඉවරයි.. අවුරුදු ආරම්භයේදීම දැවැන්ත විදුලි කප්පාදුවක්.!

එළඹෙන ජනවාරි මස 02 වනදා වන විට පවතින සියලුම ගල් අඟුරු තොග අවසන් වන බවත් ඊට පෙර ගල් අඟුරු නැවක් පැමිණියේ නැතිනමි දැවැන්ත විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක සදහන් කරයි.

බලාගාරය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට ගල් අගුරු මෙට්ට්‍රික් ටොන් හත්දහස් පන්සියයක් අවශ්‍ය බවත් දැනට ඇති ගල් අඟුරු සංචිතය බලාගාරයේ ජනන යන්ත‍්‍ර දෙකක් ක්‍රියාත්මක කරන නිසා ජනවාරි මස 02 වනදා අවසන් වනු ඇති බවද සභාපතිවරයා සදහන් කරයි.

මෙරටට පැමිණීමට ඇති නැව නොරොච්චෝලට පැමිණියද ගල් අඟුරු ගොඩ උඩ බෑම සඳහා දින පහක පමණ කාලයක් ගත වන බවත් ජනවාරි 02 වැනිදා සිට ගල් අඟුරු ගොඩ බෑම සිදු වන දින තෙක් බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රීය වුනු ඇති බවද සභාපතිවරයා සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close