පිරිසක් එක්වී ඊයේ දින රාත්රියේ සිදුකළ පහරදීමකින් උඩුගම ගෝණදෙණිය ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
සිය නිවසට පිටතින් ඇසුණු ශබ්දයක් ගැන සොයාබැලීමේදී අදාළ පුද්ගලයාට පිරිසක් පහරදෙන අයුරු නිවැසියන් දැක ඇති අතර ඔහුගේ බිරිඳ, දරුවා සහ මව නිවසේ සිට ඇති බව සදහන් කරයි.
පසුව නිවැසියන් සහ තවත් කිහිප දෙනෙකු සමග පහරකෑමට ලක්ව බරපතළ තුවාල ඇති පුද්ගලයා උඩුගම රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කරයි.
මෙම අමානුෂික ලෙස පහරදීම සිදුකළ එම සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවද පොලීසිය සදහන් කරයි.