පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ සමඟ ආණ්ඩුවට සම්බන්ධ ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වේ.
මෙරට 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහය ලබාදීමෙන් පසු ඔවුන් එම තීරණය ගැනීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුවද බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තව දුරටත් දේශපාලන කටයුතු සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින බව ද වාර්තා වේ.