නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ප්‍රබලව බෝවීමේ අවදානමක් රටේ පැවතියත් මෙම ආසාදිතයන් පරික්ෂා කිරිම සඳහා රැපිඩ් ඇන්ටිජන් කට්ටල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල තුන්සිය හැටපහේම හිඟ බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
තවද වෛද්‍යවරුන් හඳුනාගන්නා කොවිඩ් වෛරස ආසදිතයින්ට වඩා වැඩි කොවිඩ් වෛරස අසාදිතයින් ප්‍රමාණයක් අවට සමාජයේ සිටින බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
නව ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට හඳුනාගෙන ඇත.පසුගිය කාලයට සාපේක්ෂව පසුගිය දින දහය ඇතුළත කොරෝනා වෛරස රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කළේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මේ බව සදහන් කළේය.
කොවිඩ් වෛරස රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ මරණ අනුපාතය ද වැඩිවන බව ද ප්‍රාථමික එන්නත්කරණය පළමු සහ දෙවන මාත්‍රාව සම්පුර්ණ කර වසරක් ගතවු පසු එහි ප්‍රතිශක්කරණය අඩුවන බව ද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේය.