විශාල වට්ටමක් සහිතව රුසියාව ලංකාවට තෙල් දෙන්න සුදානම්.!

ලංකාවට රුසියාවෙන් තෙල් ලබා දීම සඳහා රුසියානු රාජ්‍ය සමාගම් දෙකක නියෝජිතයින් මෙරට පැමිණ සාකච්ඡා කර කර පිටව ගොස් ඇත.එම රුසියානු සමාගම විසින් ශ්‍රී ලංකාවට අවබෝධතා ගිවිසුම් සකස් කර ඒවා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේය.

ලංකාවේ පාර්ශවයෙන් මේ සඳහා එකඟ වන්නේ නම් මාසිකව ඩොලර් මිලියන 300ක බොරතෙල් ණයට දීමට එම සමාගම සූදානම් බව දන්වා එවා ඇතැයි ද විමල් වීරවංශ හෙතෙම සඳහන් කළේය.මෙම ඉන්ධන සදහා මුදල් ගෙවිය යුත්තේ අවුරුද්දකට ණය සහන කාල සීමාවෙන් පසු බවත් එම ඉන්ධන ලබා දෙන්නේද ලෝක වෙළඳ පොලේ වත්මන් මිලට වඩා අඩු මුදලකට බවත් විමල් වීරවංශ සදහන් කළේය.

එහෙත් රුසියානු යෝජනාවට තෙල් සංස්ථාවේ නීති අංශයේ නිලධාරීන් විසින් මෙම සමාගමේ නීත්‍යානුකූලභාවය නොසලකා අදාළ ගනුදෙනු සිදුකළ නොහැකි බව දැනුම් දී ඇති බවද විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේය.විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදය අමතමින්ය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close