පෝලිම්වල රැඳී නොසිට අගෝස්තු මස 01 වන දා සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබා ගැනීමට හැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන සදහන් කළේය.
“මේ වන විට රජය දැඩි ආර්ථික අසීරුකමක් මැද්දේ මේ සඳහා නිරන්තරයෙන් අඛණ්ඩව රැස් වෙලා රජයක් ලෙස ගත හැකි සියලු ම උත්සාහයන් දරලා ගෑස් හිඟය සම්පූර්ණයෙන් මේ මාසේ වන විට අවසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ලිට්‍රෝ සමාගම විසින් අරන් තියෙනවා.ඒ අනුව, ගෑස් පෝලිම් නැතුව ගෑස් ලබා ගැනීම සඳහා ලබන මාසේ පළවන දා ඉඳන් කිසිදු හිඟතාවයක් ඇති නොවන බව එතුමා කැබිනට් මණ්ඩලයට වාර්තා කළා.”
කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන මේ බව ප්‍රකාශ කළේ, අද (26) පැවති අමාත්‍ය මණ්ඩලය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.