මෙරට අද (04) නුගේගොඩ සහ තදාසන්න ප්‍රදේශවලට පැය 07ක ජල කප්පාදුවක් සිදුවෙයි.රාත්‍රී 10.00 සිට ඉරිදා (05) අලුයම 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි.
ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ සහ පාගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.
තවද හයිලෙවල් මාර්ගයේ විජේරාම සිට 07 කණුව දක්වාත්, නුගේගොඩ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා සම්බන්ධිත සියලුම මාර්ගවලත් ජල සැපයුම අත්හිටුවයි.