මෙරට රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස වසර තුනකින් අඩු කිරීමට ආණ්ඩුව යෝජනා කරයි.මෙරට මේ වන විට රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස අවුරුදු හැටපහකි. එය අවුරුදු හැට දෙක දක්වා අඩු කිරීමට යෝජනා වී ඇතත් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
පොදුජන පෙරමුණ ආණ්ඩුව කාලයේදී මෙලෙස විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු හැට පහ දක්වා වැඩි කළේය. ආර්ථික අර්බුදයට විසඳුමක් මෙන්ම ආණ්ඩුවේ කාර්යාලවල වයස්ගත සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව වැඩි වීම නිසා විධිමත් සේවාවක් සිදු නොවන බවද ආණ්ඩුවට පෙනී යයි. එම නිසා මෙසේ විශ්‍රාමයාමේ වයස් සීමාව අඩු කිරීමට යෝජනා වී ඇත.
මේ පිළිබඳ රාජ්‍ය පරිපාලන. ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ එය අදහසක් පමණක් බව.