17 හැවිරිදි පාසල් සිසුවෙක් නිවසේ නවතා තිබු මෝටර් රථයක් තුල පැය තුනකට අධික කාලයක් සිරවී සිට එළියට ගෙන රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පිලියන්දල පොලීසිය සදහන් කරයි.
පිළියන්දල මාම්පේ ජයමාවත පදිංචිව සිටි ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 12වන වසරේ ඉගෙනුම ලබන මදම්පෙරුම ආරච්චිගේ සඳුන් නින්සර නම් එම සිසුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
එම අවාසනාවන්ත ලෙස මියගිය සිසුවාගේ මව අනෙක් නිවුන් දරුවා සමග ජයවර්ධනපුර රෝහලට ගොස් ඇති අතර වැඩිමල් සහෝදරිය හා පියාද රැකියාවට ගොස් ඇති බවද පොලීසිය සදහන් කරයි.
යාබද නිවසක පාසලේ මිතුරකු නිවසට පැමිණ ඇති අතර දොර විවෘත කර තිබූ හෙයින් නිවස තුලට ගොස් කාමරය තුල සොයා බැලීමේදී නොසිටීම හේතුවෙන් අවට පදිංචිකරුවන්ට පවසා සිසුවා සොයා ඇති බව පොලීසිය සදහන් කරයි.
අනතුරුව පියාට දුරකථන ඇමතුමක් ලබාදී පැවසීමෙන් අනතුරුව පියාද නිවසට පැමිණ දරුවා සොයමින් සිටියදී මෝටර් රථයේ ඉදිරිපස වම් පස අසුනේ දොරට හේත්තු වී සිහි විසඥව වැටී සිටින අයුරු දැක තිබූ බවද පොලිසිය සදහන් කරයි.
මෝටර් රථයේ සියලුම දොරවල් ස්වයංක්‍රීයව වැසි තිබී ඇති බවත් පියා යකඩ ඉන්නක් ගෙන වීදුරු කැඩීම උත්සාහ කළද එය ව්‍යවර්ථ වීම හේතුවෙන් මෝටර් රථයේ යතුර ගෙදර ඇති බව මතක් වී දොර විවෘත කර ඇති බවද පොලීසිය සදහන් කරයි.
එම පාසල් සිසුවා වහාම පිලියන්දල දිසා රෝහල වෙත රැගෙන ගොස් මූලික ප්‍රතිකාර ලබාදී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බවද පොලිසිය තවදුරටත් සදහන් කරයි.