කොළඹ පාසලක 14 හැවිරිදි පාසල් දැරියක් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
එම පාසල් දැරිය සමග සබඳතාවයක් පවත්වාගෙන යමින් ජිප් රථයෙන් රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කර ඇති බවද පොලීසිය සදහන් කරයි.
එම 14 හැවිරිදි පාසල් දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවද බම්බලපිටිය පොලිසිය සදහන් කරයි.
බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුගේ බිරිඳ මියගොස් ඇති අතර වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල පාසල් දැරියන් දෙදෙනකුගේ පියෙක් බවද පොලිසිය සදහන් කරයි.