මෙරට නව ක්‍රමවේදයට මෙතෙක් අනුගත නොවූ රට තුළ ඇති ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමුඛතාව ලබා නොදෙන බව, ඛනිජ තෙල් නිතීගත සංස්ථාව සදහන් කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, අදාළ ක්‍රමවෙදයට කඩිනමින් අවතීර්ණ වන්නැයි,රටේ සියලු පිරවුම්හල් වෙත දැනුම් දී ඇති බවය.
පවතින තාක්ෂණික කරුණු මත පදනම්ව මේ වනවිට ඉන්ධන පිරවුම්හල් 50 කට ආසන්න සංඛ්‍යාවකවට QR ක්‍රමවේදයට අවතීර්ණ වීමට නොහැකි වී ඇතැයි ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය.
පවතින මෙම අදාළ ගැටලු නිරාකරණය කිරීමට අදාළ මැදිහත්වීම් මේ වන විටත් සිදුකරමින් ඇති බවද ඛනිජ තෙල් නිතීගත සංස්ථාව සදහන් කළේය.