මෙරට ජාතික රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධානිෂ් අලි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කරයි.ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය වෙත රැගෙනවිත් ඇත. එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ, සැකකරු බොහෝ පිරිසක් දන්නා හඳුනන කෙනෙකු බැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නොවන බවයි.අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුව අවලංගු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි.
මෙම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලීමක් සිදු කර ඇත.ඊට අදාළ නියෝගය අගෝස්තු (15) වනදා ලබා දෙන බවටත් ඒ දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි.