ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයට.!

මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ විශේෂ සංචාරයකට සූදානම් වේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පෙන්වා දී ඇත්තේ වෙළෙඳ, ආයෝජන හා සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපකාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ සංචාරය කරනු ඇති බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයට අමුත්තකු නොවන බවත් ඔහු 2016 අගමැතිවරයා ලෙස බීජිංහි සංචාරය කළ අවස්ථාවේ චීන ජනපති ෂී ජිං පින් වෙත අතට අත දෙන අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ එල්ලා තබා ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

එරට චීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නව ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද තානාපති කොහොන රොයිටර් වෙත පවසා ඇත. එසේම ශ්‍රී ලංකා ආර්ථිකයේ යතුර චීනය බවද තානාපතිවරයා පෙන්වා දී ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close