මෙරට පාසල් අධ්‍යයන කටයුතුවලට කිසිදු බාධාවක් නොවන පරිදි මෙවර මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් සදහන් කළේය.
මෙරට මීට පෙර වසරවලදී පෙරහැර සමයේ පාසල් නිවාඩුව ක්‍රියාත්මක වුව ද වසර කිහිපයක් පාසල් අධ්‍යයන කටයුතු සිදුකිරීම අභියෝගාත්මක වීම හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍ය වෙනුවෙන් පාසල් වසා නොතබන දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් සදහන් කළේය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත් වූ මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් සදහන් කළේය.
මෙරට ආරක්ෂක අංශ හා නර්තන කණ්ඩායම් සඳහා නවාතැන් පහසුකම් සම්පාදනයේදී මෙවර පාසල් යොදා ගැනීමට නොහැකි බැවින් 5500 කට ආසන්න පිරිසක් සඳහා විකල්ප ස්ථානවල නේවාසික පහසුකම් සැලසෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සදහන් කළේය.