ජූලි 21 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සඳහා වන වාහන අංක තහඩු වල අවසාන ඉලක්කම් ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන බව විදුලි බල හා බලශති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
0,1,2 යන අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 යන අංක සඳහා බ්රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 යන අංක සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා
ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR කේත පරීක්ෂාවක් ජූලි 21 සිට 24 දක්වා කොළඹ ස්ථාන කිහිපයක දී සිදු කරන බව ද එම සටහනේ සඳහන් කර ඇත.
