සතොස කඩා සහල් හා පොල්තෙල් රැගෙන යයි.

මෙරට පානදුර ,නල්ලුරුව සතොස වෙළෙඳ සැල කඩා සහල් සහ පොල්තෙල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය සදහන් කළේය.

කළමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කරයි.වෙළෙඳ සැලේ පිටුපසින් ඇති තහඩු ආවරණයක් ගලවා ඇති බවට කරන ලද මූලික පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය සදහන් කළේය.

එම වෙළෙඳ සැලේ ආරක්ෂක කැමරා සවිකර නොමැති බවත් ඇගිලි සලකුණු නිලධාරීන් කල පරීක්ෂාවේදී ජනේලයකින් ඇතුල්වී ඇති බවට තහවුරුව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

සහල් සහ පොල්තෙල් ඇතුළු දෑ රැගෙන ගොස් ඇති බවට කළමනාකාරිත්වය සදහන් කරන අතර , සොරකම් කර ඇති භාණ්ඩ වල වටිනාකම මෙතෙක් තහවුරුව නොමැති බවද සදහන් කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close