සිය අදාල කොන්දේසි සපුරාලීමට අසමත්ව ඇති බැවින්, ශ්‍රී ලංකාව විසින් ඉල්ලා තිබෙන ඩොලර් බිලියන 1.5 ක ස්වැප් ණය පහසුකම ලබා දීමට නොහැකි බව චීන රජය දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොම මහතා හරහා චීන රජය ඔවුන්ගේ මෙම ස්ථාවරය දැනුම් දී ඇති බව වාර්තා වේ.
එරට චීන මූල්‍ය ආයතන විසින් පනවා තිබෙන කොන්දේසි සහ නියමයන් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව අසමත්ව තිබීම ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ස්වැප් ණය පහසුකම ලබා දීමට නොහැකි වීමේ ප්‍රධාන හේතුව වී ඇති අතර,
ඊට අමතරව, ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් චීනයද මේ මොහොතේ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව චීන රජය ශ්‍රී ලංකා තානාපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.