මෙරට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයා බවට පත්කිරීම ඉලක්ක කරගෙන අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමක් කැදවීමට හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කර ඇත.
ඒ සදහා ප්‍රසන්න රණතුංග ඇතුලු ආණ්ඩුවේ පිරිසක් එක්ව සිටින බව වාර්තා වේ.රෝෂාන් රණසිංහ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයා ලෙස පත් කළ යුතු බවට යෝජනා කර ඇති නමුත් ඊට ඇතැම් මන්ත්‍රීවරුන් එකග වී නොමැති බව වාර්තා වේ.
එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් ඒ සදහා පොහොට්ටුවේම මන්ත්‍රීවරයකු වන ඩලස් අලහප්පෙරුම යෝජනා කළ යුතු බව දැනුම් දී ඇත.පසුව මේ සම්බන්ධයෙන් එම සාකච්ජාවේදී උණුසුම් වාදවිවාද ඇතිවු බවද වාර්තා වේ.