ඉන්ධන අවසර පත්‍රය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්.

මෙරට ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිතය පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමේ සේවාවක් ආරම්භ කර ඇත.දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආශ්‍රිතව, බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන සහ ඉන්ධන පිරවුම්හල් ආසන්නව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

ජාතික තරුණ සේව සභාවේ සහ යෞවන සමාජ සම්මේලනයේ තරුණ ප්‍රජාව ගෙයින්ගෙට ගොස් මහජනතාව දැනුවත් කිරීම සිදු කරයි.ස්මාර්ට් දුරකථනයට QR කේතය බාගත කරදෙන අතර ස්මාර්ට් දුරකතන නැති අයට තමන් දන්නා තාක්ෂණය භාවිත කරමින් ළඟ තබා ගැනීමට හෝ වාහනයේ ප්‍රදර්ශනය කිරීමට QR කේතයේ මුද්‍රිත පිටපත් ලබාදෙනු ඇත.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දැනට ලක්ෂයකට අධික පිරිසක් මෙම සේවාව ලබා ගෙන ඇති බවයි.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close