මෙරට විදෙස් ගත ශ්‍රමිකයින්ට හිමිවන තීරු බදු සහනය ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට සිදුකරනු ලබන ප්‍රේෂණයන් වැඩිකිරීම සඳහා මෙම දිරි ගැන්වීම සිදුකර ඇත.
විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේදී අතිරේක තීරු බදු සහන දීමනාවක් ලබාදීමට හා විදුලියෙන් ක්‍රියාකරනු ලබන වාහනයක් මිලදී ගැනීම සඳහා එකී විගමනික ශ්‍රමිකයින්ට පහසුකම් සැලසීමට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
