මෙරට ඉදිරි සති දෙකක කාලය ඇතුළත සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.කැබිනට් ඇමතිවරු තිහක් සහ රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
නව සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා වූ සාකච්ඡා දේශපාලන පක්ෂ සමග මෙන්ම අරගලකරුවන් සමගම සිදු කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.
මෙරට ඊයේ දිනයේ පත් කරන ලද ඇමතිවරු 18 දෙනාට අමතරව තවත් අමාත්‍යවරුන් දොළොස් දෙනකු පත් වනු ඇත.ඒ අතර විපක්ෂ සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් පිරිසකටද ඇමතිකම් හිමිවීමට නියමිත බව වාර්තා වේ.
එම මන්ත්‍රීවරුන් අතරට රිෂාද් බදුර්දීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොණ්ඩමන් වැනි පක්ෂ නායකයන් ද සිටින බව ද වාර්තා වේ.