මෙරට නිමල් සිරිපාල ද සිල්වා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේ දී ජපානයේ සමාගමකින් අල්ලසක් ලබාගත් බවට එල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි.මෙම කමිටුවේ වාර්තාව ලබන 31 වෙනිදාට පෙර ජනාධිපතිවරයාට බාර දිය යුතුයි.
ඒ සදහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ සහ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එස්.එම්.ජී පෙරේරාය.
ඇතැම් මාධ්‍ය වාර්තා පළ කොට තිබුණේ අදාළ ව්‍යාපෘතිය බාර ජපාන තායිසෙයි සමාගම විසින් ජපාන තානාපතිවරයාට පැමිණිලි කිරීමෙන් පසු තානාපතිවරයා විසින් ඒ බව ජනාධිපතිවරයාටද පැමිණිලි කොට තිබු බවයි.
ඒ අනුව බොහෝ දෙනා විමසා සිටින්නේ මෙම කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ජපාන තානාපතිවරයා කැදවනු ලබන්නේද,ඔහුගෙන් ප්‍රකාශයක් ගනු ලබන්නේද යන්න සම්බන්ධයෙන්ය.