පොලීසියට බාරදුන් එක්කෝටි හැත්තෑ අට ලක්ෂය නෑ.සල්ලි අධිකරණයට ඉදිරිපත් කරලත් නෑ.

මෙරට ජනාධිපති මන්දිරය තුළ තිබී තරුණයන් කණ්ඩායමක් විසින් සොයාගෙන කොටුව පොලීසියට භාරදී තිබූ මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද (28) අධිකරණය විසින් පොලිසියට නියෝග කළේය.

මෙරට පසුගිය 09 වනදා ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ දී ඒ තුළ තිබී මෙම මුදල් සොයාගෙන තිබුණේය.

මෙම හමුවු මුදල් පොලීසියට භාරදී තිබූ අතර අද කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ එම මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

එම මුදල වන රුපියල් 17.850,000.00ක් එලෙස කොටුව පොලීසිය වෙත භාරදී ඇති බව කොටුව පොලීසිය අධිකරණයට දන්වා ඇත.

එම මුදල භාරදී සති තුනක් ගතවී තිබුණද එම මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

එනිසා එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.ජනාධිපති මන්දිරය තුළදී හමුවූ මුදල් ගණන් කරමින් සිටි තැන හුන් තරුණයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

එම සැකකරුවන් හතර දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපමත මුදාහරින ලෙසයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close