අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට විශේෂ නිවේදනයක්.!

මෙරට 2022 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් අද (01) සිට අගොස්තු (19) දක්වා ඔන්ලයින් ක්‍රමවේදයට පමණක් භාර ගන්නා බවට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා නිවේදනය කර තිබේ.

සියලුම අයදුම්කරුවන් www.doenets.lk හෝ www.onlineeexams.gov.lk/eic වෙත හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන DoE වෙත පිවිසීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත්‍ර යොමුකිරීම සිදුකළ යුතුය. 

උසස් පෙළ විභාගය සඳහා අයදුම් කරන රජයේ පාසල් සිසුන් තම පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User name) සහ මුරපද (Password) භාවිතයෙන් අයදුම් කිරීම සිදුකළයුතු බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු වෙයි.

එහි මුද්‍රිත පිටපතක් ලබාගැනීමෙන් අනතුරුව අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට එය තමන් සතුව තබාගත යුතු බවද විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close