නිදහස් පක්ෂය දෙකඩ වෙයි.පක්ෂයේ තීරණය ඉවතට.සහය රනිල්ට.

මෙරට එළැඹෙන 20වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇතැයි වාර්තා වේ.

නිදහස් පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ තම පක්ෂයේ ස්ථාවරය වන්නේ මෙම නිලවරණයේදී කිසිවෙකුට සහාය නොදීමට තීරණය ගත් බවය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා දැනටමත් කණ්ඩායම් දෙකකට බෙදී ඇත.වැඩි පිරිසක් දැනටමත් රජය සමග සිටින අතර ඔවුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය අනුව කටයුතු කරයි.

නිදහස් පක්ෂයේ ඔවුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close