මෙරට බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත්කර ගැනුණු මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ගේ අදාළ පත් කිරීමට එරෙහිව,
නඩු පැවරීමට හිටපු කථානායක කරු ජයසූරිය සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු පිරිසක් මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.මෙරට අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මෙම කරුණු හෙළි කළේය.
පෙන්වා දෙන්නේ ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කිරීම මගින් ජනතා පරමාධිපත්‍යය බලය බරපතළ ලෙස අභියෝගයට ලක් කර ඇති බවය.සිදුවීම සම්බන්ධයෙන් හිටපු කතානායක කරු ජයසූරිය ද මේ පිළිබඳ තමන්ගෙන් විමසීමක් සිදුකළ බවද කොඩිතුවක්කු මෙහිදී සදහන් කළේය.
මෙරට LOLC සහ LB Finance ආයතනය හරහා සිදුවූ බදු වංචාවක් සම්බන්ධයෙන්ද කරුණු හෙළි කරන කොඩිතුවක්කු එම වංචාව යට ගැසීම සඳහා ආණ්ඩුවේ සහාය හිමිවීමේ සිදුවීමක් පිළිබඳව ද මෙහිදී කරුණු හෙළි කළේය.රටේ ප්‍රධාන දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේම වත්කම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද ඔහු මෙම සාකච්ඡාවේදී කරුණු රැසක් හෙළි කරයි.