වසන්ත මුදලිගේට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි.

මෙරට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) වරෙන්තු නිකුත් කරයි.

පසුගිය 2021 වසරේ කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාශියක් ලෙස කටයුතු කරමින් අයුතු අවහිරයක් සිදුකළේ යැයි කියමින් පොලීසිය විසින් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළව අද ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින්ය.

කොළඹ කොටුව පොලීසිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close