මෙරට ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් වෙන් වී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය නැවත එකට එක් වීමේ සූදානමක් පිළිබඳ කරුණු මේ වනවිට අනාවරණය වී ඇත.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සංවාදයක් අතර තුරයි.
මෙරට ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා අරගලය වෙනුවෙන් එකට එක්වනු දැකීම සමාජය තුළ ප්රගතිශීලී වෙනසක් බලාපොරොත්තු වන ජනතාවගේ පැතුම සහ ඉල්ලීම වී ඇති බවද කුමාර් ගුණරත්නම් සදහන් කළේය.
මෙරට දේශපාලන බලය අත් කරගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රම සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර මත ගැටුමක් පවතින බව පෙන්වා දී ඇති ගුණරත්නම් මහතා තම පක්ෂය රටේ වර්තමානයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් ජනතා අරගලයක් හරහා බලය ලබාගැනීම පිළිබඳ විශ්වාසයෙන් පසුවන බවද සඳහන් කළේය.