රටේ ප්‍රශ්න විසදෙමින් තියෙන්නේ.නව ආණ්ඩුවක් ලෙස ඉදිරියට යනවා.

නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්ව සිටින අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාවී යන්න විශ්වාසය පළකරන අතර ජනතාවගේ ඉල්ලීමද එය වන හෙයින් සැමවිටම ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ සඳහන් කළාය.

රටේ මේ වන විටත් ජනතාවගේ පෙට්‍රල්,ඩීසල්,ගෑස් ප්‍රශ්නය විසදෙමින් තිබෙන අතර ඒවා මඟට ඇවිත් තිබෙන බවත් පොහොර පවා ලබා දෙමින් තිබෙන බවයි මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ සදහන් කළාය.

මෙරට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අහිමිව ගියේ කිසිම ආකරයකින් බලාපොරොත්තු නොවූ ආකාරයකට වන හෙයින් රනිල් වික්‍රමසිංහට සහය පළකිරීමට පක්ෂයක් ලෙස ගත් තීන්දුවක් බව ගීතා කුමාරසිංහ සදහන් කළාය.

අද (20) පාර්ලිමේන්තුවේ පැවති අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ ජන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගීතා කුමාරසිංහ මෙම අදහස් පළ කළාය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close