වහාම මැතිවරණයක් තියන්න.ආර්ථිකය විනාශ කරපු අයට දඩුවම් දෙන්න.ජාතික සාම මණ්ඩලය රජයට දැනුම්දෙයි.!

මෙරට පාර්ලිමේන්තු වරම අලුත් කිරීම සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ජාතික සාම මණ්ඩලය (NPC) ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ,

“ලෝකයේ කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ දේශපාලන පෙරළියක් ශ්‍රී ලංකාවේ දකින්නට පුළුවන් වුණා. ජනතාවගේ නිරායුධ විරෝධතා ව්‍යාපාරයක් විසින් ජනතාව විසින්, ජනතාව වෙනුවෙන් සිදුකර ජනාධිපති, අගමැති සහ අමාත්‍ය මණ්ඩලයට ඉල්ලා අස්වීමට බල කෙරුනා.

මෙම විරෝධතා ව්‍යාපාරය ජාත්‍යන්තර ප්‍රජාවගේ පරිකල්පනය ග්‍රහණය කර ගත්තේ එහි විශාලත්වය, කාර්යක්ෂමතාව සහ අවිහිංසාවාදී ස්වභාවය හේතුවෙනි. විරෝධතා ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතු වූයේ එහි ස්වයංසිද්ධ සහ සාමකාමී ස්වභාවයයි”

“විරෝධතා ව්‍යාපාරය විකාශනය වූයේ සහ එය මහජන ව්‍යාපාරයක් බවට පත් කෙරුවේ ජනතාවගේ සැබෑ දුක්ගැනවිලි. රට තුළ උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ වගකීම, හිටපු රජය ප්‍රතික්ෂේප කළ අතර අර්බුදය විසඳීමට අවශ්‍ය පියවර ගැනීමට ද අපොහොසත් වුනා.

ප්‍රචණ්ඩත්වය ආරම්භ කළේ රජයයි. නව රජය, නව ජනාධිපතිවරයෙකු සමඟ ක්‍රියාත්මක වුවත් බහුතරයක් තවමත් සිටින්නේ 2022 මැයි මාසයේදී ඉල්ලා අස් වූ අමාත්‍ය මණ්ඩලය වේ. මෙය විරෝධතාකරුවන්ගේ කලකිරීම් තවත් වැඩි කිරීමට හේතුවී ඇත.

ආර්ථික කඩාවැටීමට බලපෑ හේතු සොයා බලා වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටිනවා. වැරදි පාලනය සහ දූෂණය හේතුවෙන් රට අත්විඳින ලද බොහෝ පිරිහීම් හේතුවෙන් ජනතාවගේ හදවත් හා මනස් තුළ ගිලිහී ගොස් ඇති පාර්ලිමේන්තු ජනවරම නැවත අලුත් කිරීමට ඉක්මන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close