අසල්වැසි ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 700 ක ණය පහසුකමට අදාළව ලැබෙන අවසන් ඩීසල් නැව අද (16) කොළඹට ළඟාවීමට නියමිතව ඇත.
මෙම නෞකාවෙන් රැගෙන එන ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 40,000 කි.එහෙත් පෙට්‍රල් නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
මෙරටට අද පැමිණෙන නෞකාවේ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සඳහා තවත් දින 03 ක් පමණ ගතවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව දින ගණනාවක් පෝලීම්වල රැඳී සිටියි.ප්‍රදේශ රැසක ජනතාව ඊයේ දිනයේදී ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලා මාර්ග අවහිර කර විරෝධතාවල ද නිරත විය.