පස් කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ දෙදෙනෙක් ජීවිතයෙන් සමුගනී.!

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුනුවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඝනපති වත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ සහෝදරියක් හා සහෝදරයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වන ගැහැණු දරුවෙක් හා අවුරුදු 16ක් වන පිරිමි දරුවෙක් බවද පොලීසිය සදහන් කරයි.

මව, පියා, ගැහැණු දැරියන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු අපදා තත්ත්වයෙන් මුදාගෙන ජම්බුගස්පිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී දැරියක් හා පිරිමි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත.

එහිදී බේරාගත් අනෙක් 12 හැවිරිදි දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close