මෙරට ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන ස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යැවූ පසු ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බව හිටපු මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර සදහන් කළේය.
කිසියම් හෝ හේතුවකින් ඔවුන් වරදකරුවන් වුව හොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බවද සරත් වීරසේකර සදහන් කළේය.
සරත් වීරසේකර රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවත්ද සදහන් කළේය.
සරත් වීරසේකර මෙසේ ප්‍රකාශ කළේ විදෙස් ගමන් බලපත්‍ර සැකසීමේදී ලබා ගැනෙන ඇඟිලි සලකුණු රටින් පිටව යෑමේදී සසඳා බැලෙන ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින්ය.
මෙරට හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමේන්තුවේදි ඊයේ (27) එක් වෙමින් සරත් වීරසේකර මේ කරුණු පැහැදිලි කළේය.