මෙරට අද (22) අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදුවීම පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරයි.
නිවේදනයේ සඳහන් වන්නේ, මීට පෙර අවස්ථා කිහිපයකදී විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවය.
ගාලුමුවදොර අදාළ පරිශ්‍රයෙන් සාමකාමීව ඉවත්වන ලෙසට ඉල්ලා සිටිය ද එම අවස්ථාවලදී ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරමින් අරගලකරුවන් ආවේගශීලීව හැසුරුණු බව ද පොලිසිය සදහන් කළේය.
නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් පසු වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් නොතිබූ බැවින් මේ ආකාරයට විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කළ බවය.
මෙහි යම් ස්ථානයකට ඇතුළුවීම සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමට සාමාන්‍ය නීතිය යටතේ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පරිදි බලය පැවරී ඇති බව පෙන්වාදෙන පොලිසිය පවසන්නේ වර්තමානයේ පවතින හදිසි නීති රෙගුලාසි යටතේ එම බලය හමුදා නිලධාරීන්ට ද පැවරී ඇති බවයි.