පොහොට්ටුවේ ස්ථාවරය සාගර නිවේදනය කරයි.රාජපක්ෂලාගේ සහය රනිල්ට

මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් සදහන් කළේය.

රටේ මහජන උද්ඝෝෂණ මධ්‍යයේ මැයි මස මුලදී මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමෙන් පසු අගමැති ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස අද (15) දිවුරුම් දුන්නේය.

මෙරට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේ දී ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ කරන බව ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කිරීමෙන් පසුවයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close