රට තුළ ඉන්ධන බෙදා හැරීමේදී පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉල්ලා සිටියේය.
රටට ලැබී ඇති ඉන්ධන තොග බෙදා හැරීමේදී පොදු ප්‍රවාහනයට ඉහළ ප්‍රමුඛස්ථානයක් ලබාදී ඉන්ධන බෙදා හැරීමට කටයුතු කරන ලෙස ඛණිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකරගෙන් ඉල්ලා සිටියේය.
මෙරට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ, (19) පෙරවරුවේ අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නිලධාරි හමුවකදීය.